LocalPolitical

2020 මහමැතිවරණයේ තැපැල් ඡන්ද දින නියම කෙරේ.

ලබන අගෝස්තු 5 වන දා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන මස 13 සහ 14 දෙදින තුල පැවැත්වීමට තීරණය කර තිබෙන අතර මැතිවරණ ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ සෞඛය සේවා හැර අනෙකුත් රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කල හැකියි.

එමෙන්ම ලබන මස 15 සහ 16 මෙම නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කල හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කලේ.

මීට අමතරව ඡන්දය භාවිතා කල නොහැකි වූ ඡන්ද දායකයන්ට ලබන මස 20 සහ 21 යන දිනවල තමන්ට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිතා කල හැක.

එමෙන්ම මහා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මලු ජුනි 30,ජුලි 01 සහ 02 යන දිනවලදී තැපෑලට බාර දීමට නියමිතයි.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button