GossipInternational News

කොරෝනා අතරේ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් සහ හෙදියක් සේවය කරන ලන්ඩන් රෝහලේ දී ම විවාහ වෙලා

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් විවාහය අවලංගු කිරීමට සිදු වූ හෙදියක් සහ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ඔවුන් සේවය කරන රෝහලේදී විවාහ වූ පුවතක් ලන්ඩන් නුවරින් වාර්තා වේ.

ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ දේවස්ථානයේ දී 34 හැවිරිදි ජෑන් ටිපින් සහ 30 හැවිරිදි ඇනලන් නවරත්නම් එසේ විවාහ වූ යුවළයි.

විවාහයේ එක් සාක්ෂිකරුවෙකු එම අවස්ථාව සජීවීව විකාශනය කිරීම නිසා අමුත්තන්ට ඔවුන්ගේ විශේෂ දිනය දුරස්ථව භුක්ති විඳීමට හැකි විය.

“හැමෝම නිරෝගීව සිටියදී” එය පැවැත්වීමට තීරණය කළ බව මෙම යුවළ පැවසූහ. අගෝස්තු මාසයේදී සැලසුම් කර තිබූ විවාහය ඔවුන් විසින් අවලංගු කිරීමට කටයුතු කර තිබිණි. ඒ උතුරු අයර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ සිට ඔවුන්ගේ ඥාතීන්ට ආරක්ෂිතව ඒ සඳහා ගමන් කිරීමට නොහැකි වේ යන බිය හේතුවෙනි.

ඒ වෙනුවට, විවාහ මංගල්‍යය ඉදිරියට ගනිමින් පෞද්ගලික විවාහ උත්සවයක් සඳහා ඔවුන් විශේෂ අවස්ථාවක් ලබා ගත්හ. අප්‍රේල් 24 වන දා සිදු වූ විවාහ මංගල්‍ය දෙදෙනාම රාජකාරී කළ ස්ථානයේ ගැනීමට හැකි වීම සැබවින්ම ආශ්චර්යජනක සිදුවීමක් විය.

ටිපින් හදිසි ගිලන්රථ හෙදියක සේ ශාන්ත තෝමස් රෝහලේ සේවය කරන අතර නවරත්නම් වසරක් තිස්සේ ශාන්ත තෝමස් හි වෛද්‍ය රෙජිස්ට්‍රාර්වරයකු ලෙස කටයුතු කරයි. අලුත විවාහ වූවන් විසින් පළමු නර්තනය හා කථන ඇතුළුව අතථ්‍ය බීම පිළිගැනීමේ උත්සවයක් ද පවත්වන ලදී.

මෙම විවාහ මංගල්‍යය ගැන දැනගත් පසු සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙය ඉතාම ආදරණීය විවාහ මංගල්‍යයක් බව පවසා තිබේ.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button