GossipInternational News

පකිස්ථානයේ සම්ප්‍රාදායික ස්ත්‍රීය උඩු යටිකුරු කළ.. නිරූපිකාවක් කරච්චි අනතුරෙන් ජීවිතක්ෂයට

pakistan modeler zara abeed

පකිස්ථානයේ ප්‍රසිද්ධ මෝස්තර නිරූපිකාව ක වන සාරා අබීඩ් කරච්චි ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. අනතුරින් මියගිය අයගේ නම් ලයිස්තුවක් තවමත් රජයෙන් ප්‍රසිද්ධ කර නොමැති නමුත් අනතුරින් දිවි ගලවාගත් දෙදෙනෙකු පිළිබඳ හෙළිදරව් කර තිබේ. එම දෙදෙනා අතර සාරා අබීඩ් නොමැති බැවින් නිසැකවම ඇය මියගොස් ඇතැයි ඇගේ සමීපතමයින් පවසයි.

ඇය පකිස්තානය තුළ විවාද සම්පන්න කාන්තාවක් වූ අතර එහි සම්ප්‍රදායික ස්ත්‍රියගෙන් වෙනස් වූ දිවියක් ගත කළාය. ආගම විසින්ම ස්ත්‍රියට පනවාඇති නීතිවලට පිටින් යමින් ඇය ශරීරය නිරාවරණය වන පරිදි ඡායාරූපවලට නිර්බයව පෙනී සිටියාය එනිසාම ඇය මිය ගිය පසුව ද ඇයව විවේචනය කරන අයගෙන් අඩුවක් නොවන බව වාර්තා වේ. ඇය පව්කාර ස්ත්‍රියක බවට අවලාද බොහෝ නැගෙමින් පවතින නිසාම සිය සොහොයුරිය පිළිබඳ අසත්‍ය ප්‍රචාරය නොකරන්නැයි ඇගේ සොහොයුරා විසින් ඉල්ලීමක් කර ඇත.

ඇය පකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල සන්නාම තානාපතිවරියක ලෙස කටයුතු කළ අතරම පසුගිය ජනවාරි මාසයේ දී හොඳම නිරූපිකාවට හිමි සම්මානය ද දිනාගෙන තිබේ.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button