Local

රියදුරු බලපත්‍රයක වලංගු කාලය ජුලි මස 31 වනදා තෙක් දිගු වෙයි

රියදුරු බලපත්‍රයක වලංගු කාලය තවදුරටත් තාවකාලිකව දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාලය ජුලි මස 31 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අප්‍රේල් මස 16 වන දින සිට කල් ඉකුත් වන රියදුරු බලපත්‍රයක වලංගු කාලය මීට පෙර මැයි 31 දක්වා දීර්ඝ කිරිමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැයි මස 31 වන දිනෙන් වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගුකාලය ජුලි මස 31 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

sinhala.adaderana.lk/

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button